පාසලෙ තොරතුරු
හැඳින්වීම
ක්‍රි.ව. 1936 මාර්තු මස පළමු වන දින සිට මේ දක්වා දශක අටකට අධික කාලයක් දැයේ දූ පුතුන් දහස් සංඛ්‍යාවකට සිප් සතර ලබා දුන් අ / ඇතාකඩ මහ විදුහල උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ මැදවච්චිය අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි 1C වර්ගයට අයත් පාසලකි.
2023 වාර්ෂික ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම හා 2023 – 2027 පස් අවුරුදු සංවර්ධන සැලසුම් පහත සඳහන් තේමා යටතේ සකස් කර ඇත.
- අධ්‍යාපනයේ සම සාධාරණත්වය ශක්තිමත්කිරීම හා සියලු සිසුන් සඳහා සාධාරණ ඉගෙනුම් අවස්ථා තහවුරු කිරීම.
2.ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම.
2.සාමාන්‍ය අධ්‍යාපන කළමනාකාරීත්වය හා සේවා සැපයීම ශක්තිමත් කිරීම.
3.සාක්ෂි පදනම් කරගත් අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සම්පාදනය සහ සැලසුම්කරණය වැඩි දියුණු කිරීම.
පවතින මානව හා භෞතික සම්පත් කළමනාකරණය කරගනිමින් අධ්‍යාපනයේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක සංවර්ධන දර්ශක අගයන් ප්‍රශස්ත ලෙස ඉහළට ඔසවා තැබීම පාසලේ විදුහල්පති, ඇදුරු මඩුල්ල, සිසු දැරියන්, දෙමාපියන් ඇතුලු සියලු පාර්ශ්වකරුවන්ගේ අරමුණයි.පාසලේ දැක්ම හා මෙහෙවර තුළ අන්තර්ගත වන අපේක්ෂිත අරමුණු ඉටුකරගැනීම සඳහා උක්ත වාර්ෂික හා මධ්‍ය කාලීන සැලසුම් සම්පාදනය කොට ඇත.

පාසලේ විනය නීති (Sample)
- සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක ම පෙ.ව. 7.15 ට පෙර පාසලට පැමිණිය යුතු අතර පෙ.ව. 7.30 ට පෙර පංතිකාමර හා වෙන්කර දී ඇති ස්ථාන පවිත්‍ර කොට අවසන් කළ යුතුය. මේ සම්බන්ධයෙන් පන්තිභාර ගුරුවරයා හා අදාළ ශිෂ්‍ය නායක නායිකාවන් වගකීමනේ ක්‍රියා ඛල යුතු ය. අවසරයකින් තොරව පෙ.ව. 6.45 ට පෙර පාසලට ඇතුළුවීම සපුරා තහනම් වේ.
- පාසල ආරම්භ කිරීමේ සීනුව නාදකිරීමත් සමගම සියදුම දරුවන් ගුරු භවතුන් රැස්වීම් පැවැත්වෙන නියමිත ස්ථානවලට පැමිණිය යුතුය.
- උදෑසන ආගමික වතාවත් හා ජාතික ගීතය පාසල් ගීතය වාදනය වන විටත් හවස ඡත්ථමානවක ගාථා වාදනය වන විටත් සිසු දරුවන් ගුරු භවතුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා පාසල තුළ රුදී සිටින සියලු දෙනා ස්වකීය කාර්යභාරයන්ගෙන් වැලකී එම කටයුතුවලට ගෞරවයෙන් හා සක්‍රීයව සහභාගී විය යුතුය.
- සියලුම සිසුන් පාසල නිමවන තෙක් තම පන්ති කාමරය තුළම රැදී සිටිය යුතු අතර කිසිදු හේතුවක් නිසා වෙනත් පන්තියක ක්‍රීඩා පිටියේ හෝ වෙනත් ස්ථානයක රැදී නොසිටිය යුතුය. අවශ්‍යතාවත් සදහා වෙනත් පන්ති කාමරයකට යන්නේ නම් අවසර ලබා ගත යුතුය.
- සෑම කාලපරිච්ඡේදයක් අවසානයේම නියමිත ගුරුවරයා පැමිණෙන තුරු නිහඩව ඊළග විෂයයට සූදානම් විය යුතුය. විනාඩි 10 ක් තුළ අදාළ ගුරුවරයා නෙපැමිණෙන්නේ නම් පන්ති නායක නායිකාව හෝ විෂය නායක නායිකාව විසින් අංශභාර ගුරුවරයාගෙන් විමසිය යුතුය.
- කාණ්ඩ විෂයයන් සදහා වෙනත් ස්ථානයකට යනවිට හා නැවත පන්තියට පැමිණෙන විට පේලියට යා යුතුය. එක් එක් විෂයට අදාල සිසුන්ගේ නාමලේඛනයක් විෂය භාර ගුරුවරයා විසින් පවත්වාගනෙ යා යුතු අතර සහභාගී වූ /නොවූ බව සටහන්කොට විෂය නායකයා/නායිකාව මගින් පන්තිභාර ගුරුවරයා වෙත යැවිය යුතුය. අවසාන කාලච්ඡේදයේ කාණ්ඩ විෂයයන් සදහා පිටත්ව යන්නේ නම් එම ස්ථානවල සිටම ගාථා ගායනා කොට පාසලෙන් බැහැර විය යුතුය.
- දරුවන්ට මතුවන ඕනෑම ගැටළුවක් ප්‍රථමයෙන් පන්තිභාර ගුරුවරයාට දැනුම් දිය යුතුය. අදාල ගුරුවරයා නොමැති අවස්ථාවක පමණක් අංශ භාර හෝ විෂය භාර ගුරුවරයාට දැන්විය යුතුය.
- පන්තිභාර ගුරුවරයා විසින් තම සිසුන් වෙනුවෙන් පෙර වැරදි පොතක් භාවිත කළ යුතුය. වැරදි තුනකට වඩා සටහන් වන අවස්තානකදී අංශභාර ගුරුවරයා වෙත යොමු කළ යුතුය. වර්ෂ අවසානයේ එම පොත ඊළග පන්තිභාර ගුරුවරයාට භාරදිය යුතුය. සහතික නිකුත් කිරීමේදී එම පොත පරීක්ෂා කරනු ලැබේ.
- පාසල් වේලාව තුල කවර හෝ බාහිර අයෙකු සමග සබදතා පැවැත්වීම තහනම් වේ.
- පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට අදාල නොවන පුවත්පත් ඡායරූප , ලිපි, ජංගම දුරකථන, සංයුක්ත තැටි වෙනත් උපකරණ රැගෙන ඒම හා ළග තබා ගැනීම සපුරා තහනම් වේ. එබදු දෑ ළග තබාගෙන අසුවුවහොත් පාසලෙන් නිල වශයෙන් අස්වී යනතුරු ආපසු ලබා දෙනු නොලැබේ.
- පාසල් අධ්‍යයන කාලය තුල අවසරයකින් තොරව කිසිදු ක්‍රීඩා පුහුණු කටයුත්තකට සහභාගී වීමට අවසර නොලැබේ. ක්‍රීඩා ඇදුම් සහිතව ක්‍රීඩා පිටියේ හැර වෙනත් කිසිදු ස්ථානයක රුදී නොසිටිය යුතුය.
- විවේක කාලය අවසන් වූ වහාම තම පන්ති කාමරයට පැමිණිය යුතුය
- පාසලේ හා පන්තිකාමරයේ උපකරණ ආරක්ෂා කළ යුතුය. ඉදල් කොසු ආදිය පිරිසිදු කිරීමෙන් පසු අදාළ ස්ථානයක ගෙනවිත් තැබය යුතුය. මේ පිළිබද සොයා බැලීම පන්තිභාර ගුරුතුමාගේ පන්ති නායක නායිකාවන්ගේ අදාල ශිෂ්‍ය නායක නායිකාවන්ගේ වගකීමකි.දරුවෙකු දින දෙකකට වඩා පාසලට නොපැමිණෙන්නේ නම් දෙමාපියන් විසින් පන්තිභාර ගුරුතුමාට දැනුම් දිය යුතුය. දින තුනක් ඉක්මවා නොපැමිණෙන්නේ නම් භාරකරුවන් පාසලට පැමිණ පන්තිභාර ගුරුතුමා වෙත භාරදිය යුතුය.
- පාසල නියෝජනය කිරමින් සහභාගී වන ඕනෑම අවස්ථාවකට පාසල් නිල ඇදුමෙන් සහභාගී විය යුතු අතර පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.
අප හා සම්බන්ධවන්න (Sample)
පොදු ඇමතුම්
- :  
- ඇතාකඩ , අටවිරගොල්ලෑව
: (+94)0761972808
: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
විදුහල්පති කාර්යාලය
: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
පාසලේ නිවාස (Sample)
| හංස | |
| මයුර | |
| පරවි |
Page 1 of 3